ගෝලීය ආර්ථිකය නව දිශානතියකට මෙහෙය වීමේ ප්‍රධානම බලවේගය චීන නායකත්වයයි
2023-05-22 15:56:27
Share with:

ගෝලීය ආර්ථිකය නව දිශානතියක් කරා මෙහෙයවීමට චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හරහා පරිපූර්ණ සැලසුමක් ඉදිරිපත් කර ඇතැයි ප්‍රවීණ විද්‍යා දේශක ප්‍රදීප් සේතුංග මහතා පවසයි.

ප්‍රවාහන සහ බලශක්ති ක්‍රියාවලිය ඉදිරියට සාර්ථක මාවතකට ගෙන යාමේ අදහස ඇතිව මාවත්, පාලම්, ගෑස් නළ, වරාය, දුම්රිය සේවා සහ බලාගාර අලුතින් නිර්මාණය කළ යුතු බවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනාවක් ගෙන එනු ලැබුවේ 2013 වසරේදීය. එම වැඩසටහන සඳහා එවකට ඇස්තමේන්තුගත මුදල ඩොලර් ට්‍රිලියන පහක් විය. එය ආසියාව, මැදපෙරදිග, යුරෝපය සහ අප්‍රිකානු රටවල් ආවරණය වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට චීන නායකත්වය දැරූ ප්‍රයත්නය වර්තමානය වන විට යථාර්තයක් බවට පත්ව ඇතැයි ප්‍රදීප් සේතුංග මහතා කියා සිටී.

‘සියවසේ ව්‍යාපෘතිය’ලෙසින් චීන ජනාධිපතිවරයා නම් කරන ලද එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය චීනයේ ගෝලියකරණය පිළිබඳ ආඛ්‍යානය සමඟ මනාව සැසඳෙන්නක් ද විය. එය ඇමරිකානු දේශපාලන න්‍යාය පත්‍රයේ ‘පළමුව ඇමරිකාව’යන ප්‍රතිපත්තියෙන් වෙනස් වූවක් බවද පැහැදිලි කරුණකි.

එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය සියල්ලන්ට විවෘත වූවක් වේ. නව සේද මාවත සඳහා සාමාජික රටවලට, ගතවූ දස වසර තුළ චීනය ලබා දුන් මූල්‍ය පහසුකම්, ආධාර, යටිතල පහසුකම් සහ ආයෝජන අවස්ථා හේතුවෙන් එම රටවල සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට මනා පිටුබලයක් ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ලෝක ආර්ථිකයේ දෙවන තැන හිමි චීනය දෙස බටහිර රටවල විවේචන කෙසේ වුවද, චීනය ලෝව අංක එකේ බලවතා විසින් ක්‍රියාත්මක කළ යුතු ආර්ථික, දේශපාලන, ආරක්ෂක, සංස්කෘතික නව සැලසුම් ගෝලීය පුනර්ජීවනය උදෙසා යෝජනා කර තිබීම අගය කළ යුතු බවද ප්‍රවීණ විද්‍යා දේශක ප්‍රදීප් සේතුංග මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම