ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි පාලනය ජී 7 කණ්ඩායමේ රෙගුලාසියක් නොවේ
2023-05-22 18:46:50
Share with:

ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි පාලනය ජී 7 කණ්ඩායමේ රෙගුලාසි ක්‍රමයක් නොවන බව චීනය පවසයි.

ජී 7 කණ්ඩායමේ නායකයන් මෑතකදී න්‍යෂ්ටික නිරායුධකරණය පිළිබඳ Hiroshima දැක්ම නිකුත් කරමින් චීනයේ න්‍යෂ්ටික ප්‍රතිපත්තියට ‍චෝදනා කර තිබේ. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(22) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ න්‍යෂ්ටික නිරායුධකරණය පිළිබඳව සෙසු රටවලට උපදෙස් ලබා දීමේ අයිතියක් ජී 7 කණ්ඩායමට හිමි නොවන අතර එම අසාධාරණ චෝදනාව චීනය ප්‍රතික්ෂේප කරන බවයි.

ලොකයේ විශාලතම මෙන්ම දියුණු ම න්‍යෂ්ටික අවි ගබඩාව සහිත ඇමරිකාව න්‍යෂ්ටික අවි රහිත රටවලට අවි මට්ටමේ යුරේනියම් ඒකාග්‍රතාව ලබා දී ඇත. ජී 7 කණ්ඩායමේ රටවල් 3ට න්‍යෂ්ටික අවි තිබෙන අතර සෙසු රටවල් 4 න්‍යෂ්ටික අවි පොදු භාවිත ගිවිසුමට එක්වීම හෝ න්‍යෂ්ටික අවි සහිත රටවල ආරක්ෂාව ලබා ගන්නා බව Mao Ning මහත්මිය කීවාය. න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකිරීම, න්‍යෂ්ටික අවි රහිත රටවල් හා කලාප වෙත න්‍යෂ්ටික අවි භාවිත නොකිරීමට පොරොන්දු වන එකම න්‍යෂ්ටික අවි සහිත රට චීනය බවට පත්ව තිබේ. ජී 7 කණ්ඩායමේ සියළු සාමාජික රටවලට එම පොරොන්දු කඩ කළ නොහැකි බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම