ඇතැම් රටවල් විසින් ඉදිරිපත් කරන ලද ඊනියා “චීනයේ තායිවාන ප්‍රදේශයේ නිරීක්ෂකයෙකු ලෙස ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වීමට ආරාධනා කිරීමේ”යෝජනාව, රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට 76වැනි ලෝක සෞඛ්‍ය සමුළුව අද(22) තීරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සමුළුව වසර හතක් අඛණ්ඩව තායිවානය සම්බන්ධ යෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම සනාථ කර ඇත. එකම චීනය යන මූලධර්මයට ජාත්‍යන්තර ප්‍රජාව පුළුල් ලෙස සහාය දක්වන බව, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානයන්හි චීනයේ ස්ථාවර නියෝජිත Chen Xu තානාපතිවරයා සඳහන් කළේ ය. ලෝක සෞඛ්‍ය සමුළුවේදී තායිවානය සම්බන්ධ ප්‍රශ්න හුවා දැක්වීමට මගක් නොමැති බවත්, එය ජනප්‍රිය නොවන බවට නැවත වරක් පෙන්නුම් කරන බවත්, Chen Xu මහතා චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරු සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ය.