ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව අන්තර් ජාතික වශයෙන් සහතික කෙරේ.
2023-05-21 14:02:43
Share with:

ශ්‍රී ලංකාව සිය ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පවසයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බව එම සංවිධානයේ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ විගණනයෙන් තහවුරු වී ඇත.

2023 මැයි මස 08 දින සිට 19 දින තෙක් පැවති මෙම විගණනය සඳහා, එම සංවිධානය විසින් පත්කරන ලද සුදුසුකම් ලත් ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක විගණක පරීක්ෂකවරු හතර දෙනෙක එක් වූහ. එහිදී ඔවුන් විසින් ජාතික ගුවන්සේවා නියාමන ආයතනය වන ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මූලික කර ගනිමින්, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය, රාජ්‍ය බුද්ධි ඒකකය, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගම මෙන්ම මෙරට සිට සහ රට තුලට ගුවන්ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබන දේශීය සහ විදේශිය ගුවන් සමාගම් ඇතුළු ගුවන්සේවා ක්ෂේත්‍රය හා සබැඳි පාර්ශවකාර අංශයන් විගණනයට ලක්කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම