ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානයේ ශත සංවත්සරයට චීන ජනපති ගෙන් සුබ පැතුම්
2023-05-21 14:45:28
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානයේ ශත සංවත්සර උත්සවයට සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි. හෙතෙම අද(21) එම පණිවුඩය යොමු කළේ ය.

එමෙන් ම, අද  චීන ජාතික ආබාධිතයන් ගේ දිනයයි. මේ නිමිත්තෙන් ෂී ජින් පිං මහතා රට පුරා සිටින ආබාධිත පුද්ගලයන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට මෙන් ම ආබාධිත පුද්ගලයන් හා සම්බන්ධ රාජකාරි වල නිරත සේවකයන්ට ද සුභාෂිංසනය පිරිනැමීය. චීන ආබාධිත පුද්ගලයන් ගේ ව්‍යාපාරයට සහාය දක්වන ජාත්‍යන්තර සංවිධාන හා විවිධ පාර්ශ්වයන්ට ද හෙතෙම කෘතඥාව පළ කර තිබේ.

චීනය ආබාධිත පුද්ගලයන්ට ඉහළ සැලකිල්ල දක්වන බව පැවසූ ජනාධිපතිවරයා චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණ ක්‍රියාදාමය තුළ, ආබාධිත පුද්ගලයන් ගේ සමාජ ආරක්ෂක ක්‍රමවේදය හා සේවා පද්ධතිය තවදුරටත් තහවුරු කරන බව අවධාරණය කරයි. ලෝකයේ විවිධ රටවල් සමග එක්ව, ජාත්‍යන්තර මට්ටමේ ආබාධිත පුද්ගලයන් ගේ ව්‍යාපාරය සඳහා වන අදහස් හුවමාරු හා සහයෝගිතා පොදුවේ වැඩිදියුණු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා කිය සිටී.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම