ජී 7 හිරෝෂිමා සමුළුවේදී චීනය හා සම්බන්ධ ගැටලු හුවා දැක්වීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය
2023-05-21 14:50:58
Share with:

ජී 7 හිරෝෂිමා සමුළුවේදී චීනය හා සම්බන්ධ ගැටලු හුවා දැක්වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්  ඊයේ (20) මාධ්‍ය වෙත පිළිතුරු ලබා දුන්නේය.

චීනයේ බරපතල කනස්සල්ල නොතකා G7 චීනයට සම්බන්ධ ගැටළු, මඩ ගැසීම සහ චීනයට පහර දීම මෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීම සම්බන්ධයෙන් චීනය දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය ප්‍රකාශ කරන බව එම ප්‍රකාශකයා පැවසීය.

චීනය සමුළුවේ සත්කාරක ජපානය සහ අනෙකුත් අදාළ පාර්ශ්ව වෙත සිය ගාම්භීර නියෝජනයක් ඉදිරිපත් කර තිබේ.

හොංකොං, ෂින්ජ්‍යං සහ ටිබෙට් කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර, "මානව හිමිකම්" මුවාවෙන් බාහිර බලවේග විසින් කරන ඕනෑම මැදිහත්වීමකට චීනය තරයේ විරුද්ධ වේ.

19වැනිදා සිට 21වැනිදා දක්වා ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්වෙන G7 සමුළුවට විරෝධය පළ කරමින් පසුගිය දිනවල ජපාන කණ්ඩායම් ගණනාවක් ජාත්‍යන්තර ක්‍රියාකාරීන් සමඟ එක්ව පෙළපාලි පැවැත්වීය. කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් එල්ල කරමින් ආසියානු කටයුතුවලට මැදිහත් වීම සහ ඇමරිකාවේ ගෝලීය මිලිටරි මූලෝපායේ මෙවලමක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ද පෙලපාලිකරුවෝ  G7 හෙළා දුටුවහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම