මයික්‍රොනීසියානු නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-05-21 19:27:23
Share with:

මයික්‍රොනීසියානු නව ජනාධිපති Wesley W. Simina මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම් පණිවුඩය පසුගිය 18වැනිදා යොමුකර තිබේ.

චීන-මයික්‍රොනීසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමෙන් පසු වසර 34 තුළ දෙරට සබඳතා අන්‍යේන්‍ය ගරු කිරීම හා සමානත්ව සැලකීම පදනම් ව  විශාල දියුණුවක් ලබා ගෙන ඇති බවත් ඉන් දෙරට ජනතාවට ප්‍රායෝගික සුභ සෙත සැලසී ඇති බවත් ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ. චීන-මයික්‍රොනීසියානු සබඳතාව ඉහළින් අගය කරන තමා, Simina මහතා සමඟ එක්ව එකිනෙකාගේ කේන්ද්‍රීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය ලෙස අනුබල දෙමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා කියා සිටී. දෙරට උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම තම බලාපොරොත්තුව බව ද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම