ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව චීන මාධ්‍ය සමූහය සමග පුළුල් සහයෝගිතාවන්ට සූදානම් බව එහි සභාපති Thomas Bach මහතා කියයි
2023-05-20 15:25:52
Share with:

2013 වසරේ, Thomas Bach මහතා 9වැනි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය හෙබවූවා. ඔහුගේ ගතවූ වසර 10 සේවා කාලය තුළ, ඔලිම්පික් ජීවගුණය පුළුල් කර ඇති අතර, ජාත්‍යන්තර ඔලිම්පික් නවීකරණය ද තහවුරු වී තිබෙනවා. පසුගිය දා හෙතෙම චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා.

2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන Thomas Bach මහතා පවසන්නේ, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල චීන ජනතාව කෝටි 30ක් ශීත ඍතු ක්‍රීඩා ඉසව් වලට ආකර්ශනය කර ගත් බවයි. ශීත ඍතු ක්‍රීඩාවට මෙය සංධිස්ථානාත්මක වැදගත්කමකින් යුක්තයි.

Bach මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙහෝ වර හමුවී තිබෙනවා. ජනාධිපතිවරයා ක්‍රීඩාවන් හි වටිනාකම ප්‍රත්‍යක්ෂ කරන අතර, ක්‍රීඩාව ඔස්සේ එකමුතුව තහවුරු කළ හැකි බවට දරන සංකල්පය හා හෙතෙම එකගවන බවද Bach මහතා සඳහන් කරනවා. චීනය තුළ හා ලොව පුරා පවා ක්‍රීඩා සංවර්ධනය ෂී ජින් පිං මහතා පුළුල් අයුරින් තහවුරු කර ඇති බව ද Bach මහතා පවසනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කාලයක් තිස්සේ ක්‍රීඩාව දේශපාලනීකරණයට ලක්කිරීමට විරුද්ධ වනවා. මේ සම්බන්ධයෙන් සභාපතිවරයා සඳහන් කරන්නේ සමස්ත ලෝකය එකමුතුවෙන් යුතුව සාමකාමී අයුරින් තරග වැදීමට ඉඩ සැලසීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මෙහෙවර බවයි. යම්කිසි රජයක් නිසා ඒ රට ක්‍රීඩකයන්ට සම්බාධක පැනවීමට  සිදු නොකළ යුතු යැයි එහි පැහැදිලි ස්ථාවරය බව ද හෙතෙම පවසනවා.

චීන මාධ්‍ය සමූහය හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර පවතින සහයෝගිතාවට Bach මහතා ගේ පැසසුමට ලක් වනවා. චීන මාධ්‍ය සමූහය 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික ක්‍රීඩා උළෙලට ලබා දුන් දැවැන්ත දායකත්වය ගැන මනා අවබෝධයක් තමා තුළ ඇති බව හෙතෙම පවසනවා. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන තරග ඉසව් 4ක් උදෙසා වන ජාත්‍යන්තර පොදු සංඥා නිෂ්පාදනය කරන ලෙස චීන මාධ්‍ය සමූහයට ආරාධනා කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සූදානම් බව හෙතෙම සඳහන් කරනවා. චීන මාධ්‍ය සමූහය සමග එක්ව මෙම සුවිශේෂ ඉලක්කය සාක්ෂාත් කරගත හැකි වෙතැයි Thomas Bach මහතා අපේක්ෂා පළ කරනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම