ලෝකයට තවත් 'චීන-මධ්‍යම ආසියා දායකත්වය' අවශ්‍යයි
2023-05-20 16:21:26
Share with:

ඊයේ (19) පැරණි සේද මාවතේ නැගෙනහිර ආරම්භක ස්ථානය වන ෂැන්සි පළාතේ Xi'an හි දී පළමු චීන-මධ්‍යම ආසියානු සමුළුව සාර්ථකව පැවැත්විණ.

සමුළුවේ මුලසුන දැරූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය. ලෝකයට ස්ථාවර, සමෘද්ධිමත්, සුහද සහ සම්බන්ධිත මධ්‍යම ආසියාවක් අවශ්‍ය බව අවධාරණය කළ ෂී ජින් පිං මහතා පොදු ඉරණම සහිත චීන-මධ්‍යම ආසියානු ප්‍රජාවක් ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳ “පිළිපැදීම් හතරක්” සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ “යෝජනා අටක්” ඉදිරිපත් කළ අතර එය මධ්‍යම ආසියානු රාජ්‍ය නායකයින් ගේ ඉහළ අනුමැතියට ලක්ව උණුසුම් ලෙස පිළිගැනිණ.

මධ්‍යම ආසියාව යුරේසියානු මහාද්වීපයේ මධ්‍යයේ පිහිටා තිබේ. චීන-මධ්‍යම ආසියා යාන්ත්‍රණය රටවල් හයකට අයත් වන අතර එය ලෝකය දෙසට ද නැඹුරු වේ. සංකීර්ණ සහ උණුසුම් ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර විවෘත සහ ඇතුළත් සහයෝගීතාව කලාපයට සහ ලෝකයට ධනාත්මක බලපෑම් ගෙන එනු ඇත.

චීනය විසින් යෝජනා කරන ලද ඒකාබද්ධ, මධ්‍යගත සහ ක්‍රමානුකූල "චීන සැලැස්ම" පොදු ඉරණම සහිත වඩාත් සමීප චීන-මධ්‍යම ආසියානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා මූලික මාර්ගෝපදේශයක් සපයයි.

පුරාණ සේද මාවතේ සමෘද්ධිය දැක ඇති Xi'an නගරයේ පැවති චීන-මධ්‍යම ආසියානු සමුළුව ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ. මෙම සමුළු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, චීන-මධ්‍යම ආසියානු රාජ්‍ය නායක රැස්වීම් යාන්ත්‍රණය විධිමත් ලෙස ස්ථාපිත කෙරිණ. එය දෙපාර්ශ්වයේ අනාගත සහයෝගීතාව සඳහා උපාය මාර්ගික මග පෙන්වීමක් ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම