චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-මධ්‍යම ආසියානු සමුළුවේදී පැවැත්වූ ප්‍රධාන දේශනය ජාත්‍යන්තරයේ පැසසුමට
2023-05-20 15:41:15
Share with:


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-මධ්‍යම ආසියානු සමුළුවේදී පැවැත්වූ ප්‍රධාන දේශනය ජාත්‍යන්තර මාධ්‍ය හා පුද්ගලයන්ගේ පැසසුමට ලක් වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධාන දේශනය චීනය සහ මධ්‍යම ආසියානු රටවල් අතර සහයෝගීතාවයේ සෑම අංශයක්ම පාහේ ආවරණය කළ බව කසකස්ථාන ලෝක ආර්ථික හා දේශපාලන ආයතනයේ පර්යේෂකයෙක් පැවසීය. ෂී ජින් පිං මහතා පොදු ඉරණම සහිත චීන-මධ්‍යම ආසියානු ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරිපත් කළේය. එම සංකල්පය යටතේ චීනය සහ මධ්‍යම ආසියානු රටවල් අතර සහයෝගිතා හා පොදු ජයග්‍රහණ, අන්‍යෝන්‍ය යහපත හා ප්‍රතිලාභ සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධාන දේශනය පොදු ඉරණම සහිත චීන-මධ්‍යම ආසියානු ප්‍රජාව ගොඩනැගීමේ දිශානතිය පෙන්වා දී තිබෙන බවත් “එක් තීරයක් එක් මාවතක්”අධිගුණාත්මකව පොදුවේ සංවර්ධනය කිරීම අදාළ රටවල පොදු එකඟතාවක් බවට පත්ව තිබෙන බවත් තායිලන්තයේ හිටපු උප අග්‍රාමාත්‍ය, තායිලන්ත-චීන සංස්කෘතික ප්‍රවර්ධන කමිටුවේ සභාපති Phinij Jarusombat මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම