මොන්‍ටිනීග්‍රෝ නව ජනාධිපතිවරයාට චීන ජනාධිපතිවරයා ගෙන් සුබ පැතුම්
2023-05-20 18:51:18
Share with:

මොන්‍ටිනීග්‍රෝ නව ජනාධිපති Jakov MILATOVIĆ මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම් පණිවුඩය අද(20) යොමුකර තිබේ.

චීනය සහ මොන්‍ටිනීග්‍රෝ රාජ්‍යය අතර සබඳතා සංවර්ධනය ඉහළින් වැදගත් කොට සලකන තමා, Jakov MILATOVIĆ මහතා සමඟ එක්ව දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය ප්‍රවර්ධනය කොට, ‍රට පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

එසේම ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩ සංවර්ධනය සහ දෙරට ජනතාවට සුභ සෙත සැලකීමට කටයුතු කිරීම තම අපේක්ෂාවක් බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම