චීන-මධ්‍යම ආසියානු සමුළුවේ වැදගත්ම දේශපාලන ප්‍රතිඵලය චීන විදේශ ඇමතිවරයා හෙළිකරයි
2023-05-20 15:42:07
Share with:

වඩා සමීප පොදු ඉරණම සහිත චීන-මධ්‍යම ආසියා ප්‍රජාව ගොඩනැගීම, මෙවර චීන-මධ්‍යම ආසියානු සමුළුවේ වැදගත්ම දේශපාලන ප්‍රතිඵලය බව චීන විදේශ ඇමතිවරයා පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති Qin Gang මහතා ඊයේ(19) චීන- මධ්‍යම ආසියානු සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවූ අවස්ථාවේදී මේ  බව පැවසීය.

මෙවර සමුළුව චීන- මධ්‍යම ආසියානු යාන්ත්‍රණය ස්ථාපිත කිරීමෙන් පසු වසර 3ක් තුළ පැවැති ප්‍රථම සමුළුව බවත් එය චීන-මධ්‍යම ආසියානු සබඳතා ඉතිහාසයේ නව ඓතිහාසික ස්මාරකයක් බවත් Qin Gang මහතා කියා සිටියේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර සමුළුවේදී ප්‍රධාන දේශනයක් පැවැත්වීය. නව යුගයේ චීනයේ ඉහළම නායකයා මධ්‍යම ආසියාව සම්බන්ධයෙන් වූ චීන විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර ප්‍රජාවට පූර්ණ, මධ්‍යගත සහ ක්‍රමානුකූලව පැහැදිලි කළ පළමු අවස්ථාව මෙය වන අතර එය මධ්‍යම ආසියාවේ රාජ්‍ය නායකයින් විසින් බෙහෙවින් අනුමත කර උණුසුම් ප්‍රතිචාර දක්වා තිබෙන බව ද Qin Gang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම