වසර 12කට පසුව සිරියාව අරාබි ලීග සමුළුවට
2023-05-20 14:34:32
Share with:

සිරියාව අරාබි ලීග සමුළුවට යළි එක්වෙයි. ඒ වසර 12 ක කාලයක් පුරා එම සමුළුවට සහභාගිවීම වළක්වමින් පැවති නෙරපා හැරීමේ ක්‍රියාවෙන් අනතුරුවය. ඒ අනුව සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් සිකුරාදා(19) සෞදියේ ජෙඩා නගරයේ පැවති අරාබි ලීග සමුළුවට යළි පැමි‍ණියේය.

මැද පෙරදිග ඇමරිකාවේ බලපෑම් අඩුවෙමින් පවතින මොහොතක වර්ධනය වන අරාබි සංහිඳියා ප්‍රවණතාවක් ඉන් පිළිබිඹු කෙරේ.

සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් කුමරු විසින් සිරියානු ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගන්න ලදි.

කලාපය පුරා ඇති අර්බුදවලට විසඳුම් සෙවීමේ “ඓතිහාසික අවස්ථාවක්”ලෙසට  පවසමින් සිරියානු ජනාධිපතිවරයා එම සමුළුව අගය කළේය.

කලාපීය සහයෝගීතාව, සාමය, යුද්ධය සහ විනාශය වෙනුවට සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා අරාබි ක්‍රියාමාර්ගයේ නව අදියරක ආරම්භයක් ඉන් සනිටුහන් වනු ඇතැයි  තමා බලපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම