අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කෙරේ.
2023-05-20 15:12:32
Share with:

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට නොමඟ යවනසුළු කටයුතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය ගැණුම් මිල අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති මිල බවට සහතික විය යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් ය.

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර ප්‍රවාහනයේදී සියලු තොරතුරු ඇතුළත් කුවිතාන්සියක් පාරිභෝකයා වෙත නිකුත් කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම