රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනපති කියයි
2023-05-20 15:11:19
Share with:

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ද  හෙතෙම කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (18) පස්වරුවේ එක් වෙමිනි. ඩරාස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අලිබබා සමාගමට ස්තුතිය පළ කරන බවද ජනාධිපතිවරයා කීය.

ඩිජිටල් ආරථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ යුතු නැති බවත් එය වේගවත් කරන තරමට ප්‍රතිඵල අත්කරගත හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම