චීන හා මධ්‍යම ආසියානු රටවල ජනපතිවරුන් ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක්
2023-05-19 15:15:05
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසකස්ථානය, කිර්ගිස්ථානය, ටජිකිස්ථානය, තුර්ක්මෙනිස්ථානය, උස්බෙකිස්ථානය යන මධ්‍යම ආසියාතික රටවල් පහේ රාජ්‍ය නායකයන් සමග මාධ්‍ය හමුවක් පවත්වයි. ඒ චීන-මධ්‍යම ආසියානු සමුළුව අද(19) සාර්ථක ව පැවැත්වීමෙන් අනතුරුවය.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ‘ චීන-මධ්‍යම ආසියානු සමුළුව පිළිබඳ Xi’an ප්‍රකාශය ’ට තමා සහ එම රටවල් පහේ රාජ්‍ය නායකයන් අත්සන් තැබූ බවයි. සමුළුවේ ප්‍රගතීන් පිළිබඳ ලැයිස්තුව එහිදී සම්මත කෙරිණ. චීන-මධ්‍යම ආසියානු සබඳතාව උදෙසා වන අනාගත සංවර්ධන දැක්ම එමගින් ප්‍රත්‍යක්ෂ කර තිබේ.

මෙවර සමුළුව පදනම් කර ගනිමින් චීන-මධ්‍යම ආසියානු රාජ්‍ය නායක හමුවීමේ ක්‍රමවේදය නිල වශයෙන් ස්ථාපනය කර ඇතැයි ෂී ජින් පිං මහතා කියා සිටී. මෙම සමුළුව වසර 2කට වරක් පැවැත්වීමට නියමිත ව තිබේ. චීනයේ හා මධ්‍යම ආසියානු රටවල් වලදී  එය වාරික ව පැවැත්වීමට අපේක්ෂා කෙරේ. මීළඟ චීන-මධ්‍යම ආසියානු සමුළුව 2025 වසරේ කසක්ස්ථානයේ පැවැත්වීමට තීරණය කර ඇති බව ද හෙතෙම එහිදී ප්‍රකාශයට පත් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම