ඩෙංගු දරුණුතම කාණ්ඩයක් වන “ඩෙන් ත්‍රී” වසර 10කට පසු දිවයින පුරා සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ කියයි
2023-05-19 15:03:00
Share with:

ඩෙංගු වෛරස් කාණ්ඩයට අයත් දරුණුතම කාණ්ඩයක් වන “ඩෙන් ත්‍රී” වසර 10කට පසු මේදිනවල දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි

මේ වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් තිස් පන්දහස් හැත්ත පස් දෙනෙකු වාර්තා වී තිබේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වන  17338 දෙනෙකු  වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙනි.

බස්නාහිර පළාතේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් මෙම වසර තුළ හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවද සෞඛ්‍ය අංශ පවසයි.

ඩෙංගු රෝගීන් 7904 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් 7348 ක්ද වාර්තා වී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම