චීනය හා මධ්‍යම ආසියානු රටවල් අතර සංහිඳියාව
2023-05-19 15:26:22
Share with:

චීන ශිෂ්ටාචාරය හා මධයම ආසියානු ශිෂ්ටාචාරය අතර සංහිඳියාව ආරම්භ කෙරුණේ වසර 2000කට පෙරයි. චීනයේ මුතුන් මිත්තන් Xi’an නගරයේ සිට මධ්‍යම ආසියාව ඍජුව  සම්බන්ධ කෙරෙන ‘ පැරණි සේද මාවත ’ ආරම්භ කළා. චීන තේ කොළ, සේද රෙදි හා කලා නිර්මාණ මෙම මාවත ඔස්සේ මධ්‍යම ආසියාවට ළඟාවීමෙන් යුරෝපා වැසියන්ගේ ජීවිත රටාවන් හා සම්මිශ්‍ර වුණා. මධ්‍යම ආසියාවේ මිදි, අශ්වයන් ඇතුළු සුවිශේෂී භාණ්ඩ හා සංස්කෘතීන් ද චීනයේ ප්‍රචලිත වු‍ණෙත් මෙම මාවත හරහායි.

1992 වසරේ චීනය පිළිවෙළින් මධ්‍යම ආසියානු රටවල් 5 සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවූවා. මේ සමග ම, ද්විපාර්ශ්වික වෙළඳාම, මානව හුවමාරුවල වර්ධනයක් සිදු වුණා.

2013 වසරේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මධ්‍යම ආසියානු රටවල සිදු කළ නිල සංචාරයන් අතරතුර ‘සේද මාවත ආර්ථික තීරය’ ගොඩ නැංවීමේ දැක්ම ඉදිරිපත් කළා. මෙම මුලපිරුම,ගතවූ වසර 10 තුළ, චීනය හා මධ්‍යම ආසියාව අතර පැවති සහයෝගිතාවන්ට ප්‍රශස්ත ගාමක පිටුබලයක් වී තිබෙනවා.

වර්තමානයේ, ‘ පැරණි සේද මාවත ’ පරිවර්තනය වී ඇත්තේ මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් සේවා, ගෑස් මාර්ග යන පූර්ණ අයුරින් සුසං‍යෝගීවූ ජාලයකටයි. මෙය මධ්‍යම ආසියානු රටවල කර්මාන්ත උත්ශ්‍රේණි කිරීමටත් දිවි පෙවෙත යහපත් කිරීමටත් හිතකර වී තිබෙනවා. එ පමණක් නොව, ආසියානු-යුරෝපා කර්මාන්ත දාමය හා සැපයුම් දාමය සුමට ලෙස ක්‍රියාත්මක වීමට ද මෙය දැවැන්ත පිටුබලයක්. මේ වනවිට, මධ්‍යම ආසියාවේ පළමුවැනි විශාලතම වෙළඳ හවුල්කරුවා වන්නේ චීනයයි. පසුගිය වසරේ, චීනය හා මධ්‍යම ආසියානු රටවල් 5 අතර සිදු කර ඇති වෙළඳ වටිනාකම ඇ.ඩො. බිලියන 70.2ක් වන අතර, ඓහිතහාසික වශයෙන් මෙය නව වාර්තාවක් වීමත් කැ‍පී පෙනෙනවා.

ලෝකයේ කැළඹීම් සහිත සමයක, චීනය මධ්‍යම ආසියානු රටවල් 5 සමග, පොදු සුබසිද්ධීන් පදනම් කර ගනිමින් විනිවිදභාවයෙන් යුතු පොදු-ජයග්‍රාහී, ප්‍රායෝගික සහයෝගිතාව සඳහා වන නව ක්‍රමවේදයක් ඇති කිරීමට ප්‍රයත්න දරමින්  සිටිනවා. අනාගතය උදෙසා වන පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩ නැංවීමට ද ඉන් ලබා දෙන්නේ ප්‍රබල ශක්තියක්.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම