චීනයේ තායිවාන ප්‍රදේශයේ ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වය එකම චීනය යන මූලධර්මයට අනුකූල විය යුතුයි
2023-05-19 16:38:58
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයේ ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වය එකම චීනය යන මූලධර්මයට අනුකූලව සැලකිය යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

76 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව සඳහා ලියාපදිංචි වීම මෙම සතියේ අවසන් වෙයි. මෙතෙක් තායිවාන පාර්ශ්වයට තවමත් ඊට සහභාගි වීමට ආරාධනාවක් ලැබී නොමැත.

වාර්තාකරුවෙකු නැගූ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Wang Wenbin මහතා පැවසුවේ, ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණක් බවයි. චීන මහජන සමූහාණ්ඩුවේ රජය සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය වන අතර තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. තායිවාන ප්‍රදේශයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වය එකම චීනය යන මූලධර්මයට අනුකූල විය යුතු බව Wang Wenbin මහතා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම