පොදු ඉරණම සහිත චීන-මධ්‍යම ආසියාවේ ප්‍රජාවක් ගොඩනැගීමෙදී ප්‍රතිපත්ති හතරක් පිළිපැදීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි
2023-05-19 14:48:04
Share with:

පොදු ඉරණම සහිත චීන-මධ්‍යම ආසියාවේ ප්‍රජාවක් ගොඩනැගීමෙදී  ප්‍රතිපත්ති හතරක් පිළිපැදිය යුතු බව ෂී ජින් පිං මහතා චීන-මධ්‍යම ආසියානු සමුළුව අමතමින් පෙන්වා දුන්නේය.

පළමුව, සෑම විටම එකිනෙකාට සහාය වෙමින්  මූලික අවශ්‍යතා පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් පැහැදිලි සහ ශක්තිමත් සහයෝගයක් ලබා දිය යුතුය. දෙවනුව, පොදු සංවර්ධනයක් අනුගමනය කළ යුතු අතර ගෝලීය සංවර්ධන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කළ යුතුය. තෙවනුව, විශ්වීය ආරක්ෂාව තහවුරු කිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සහ අභ්‍යන්තර කටයුතුවලට එරෙහි බාහිර මැදිහත්වීම්වලට දැඩි ලෙස විරුද්ධ විය යුතුය.  සිව්වනුව පාරම්පරික මිත්‍රත්වය ආරක්ෂා කළ යුතුය.

සමුළුව සහයෝගතාව වෙනුවෙන් නව වේදිකාවක් ගොඩනඟා ඇති අතර චීන-මධ්‍යම ආසියා සහයෝගීතාව සඳහා නව අපේක්ෂාවන් විවෘත කර ඇති බව ෂී ජින් පිං මහතා එම දේශනයෙන් පෙන්වා දුන්නේය. චීන-මධ්‍යම ආසියා සහයෝගීතාව සැලසුම් කිරීම, ගොඩනැගීම මෙන්ම සංවර්ධනය  සඳහා සියලු පාර්ශ්ව සමඟ සමීපව කටයුතු කිරීමට චීනය මෙම සමුළුව අවස්ථාවක් කර ගැනීමට කැමති බව ද ෂී ජින් පිං මහතා පැවසීය .

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම