චීන මධ්‍යම ආසියා සහයෝගතා වෙනුවෙන් චීන ජනපතිගෙන් යෝජනා රැසක්
2023-05-19 14:50:56
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (19) පෙරවරුවේ Shaanxi පළාතේ Xi’an නගරයේ පිහිටි ජාන්‍යන්තර සම්මාන්ත්‍රණයේ දී චීන-මධ්‍යම ආසියානු සමුළුවේ මුලසුන දරමින් දේශනයක් පැවැත්වීය.

චීනය මධ්‍යම ආසියානු රටවල් සමඟ නිෂ්පාදන ධාරිතා සහයෝගීතාව පුළුල් කර, චීන-මධ්‍යම ආසියා බලශක්ති සංවර්ධන හවුල්කාරිත්වය බිහි කිරීමට ෂී ජින් පිං මහතා එම දේශනයෙන්  යෝජනා කළේය. චීන-මධ්‍යම ආසියා ස්වාභාවික ගෑස් නල මාර්ගයේ D රේඛාව ඉදිකිරීම වේගවත් කර , ද්විපාර්ශ්වික තෙල් හා ගෑස් වෙළඳාම පුළුල් කරමින් , බලශක්ති කර්මාන්ත දාමය හරහා නව බලශක්ති සහ න්‍යෂ්ටික බලශක්ති සාමකාමී භාවිතය පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

විද්‍යාව හා තාක්‍ෂණය තුළින් දරිද්‍රතාවය අවම කිරීම සම්බන්ධයෙන් මධ්‍යම ආසියාතික රටවල් සමඟ චීනය විශේෂ සහයෝගීතා සැලැස්මක් සකස් කරන බව පැවසූ ෂී ජින් පිං මහතා, චීන මධ්‍යම ආසියා තාක්‍ෂණ හා නිපුණතා වැඩිදියුණු කිරීමේ සැලැස්ම ද ක්‍රියාත්මක කරනු ඇතැයි අවධාරණය කළේය.

ඇෆ්ගනිස්ථානයේ සාමය සහ ප්‍රතිසංස්කරණය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ අසල්වැසියන් අතර සම්බන්ධීකරණ යාන්ත්‍රණයක භූමිකාව අඛණ්ඩව  ඉටු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය .

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම