චීන-මධ්‍යම ආසියානු රටවල සහයෝගිතා පිළිබඳ චීන ජනාධිපතිවරයා ගෙන් යෝජනා 8ක්
2023-05-19 14:36:10
Share with:

චීන-මධ්‍යම ආසියානු රටවල සහයෝගිතා පිළිබඳ චීන ජනාධිපතිවරයා යෝජනා 8ක් ඉදිරිපත් කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Xi’an නගරයේ අද(19) පැවති චීන-මධ්‍යම ආසියානු සමුළුවේ මුලසුන දරමින් ප්‍රධාන දේශනය කළේය. ක්‍රමවේද ස්ථාපිත කිරීම ශක්තිමත් කිරීම, ආර්ථික හා වෙළඳ සබඳතා පුළුල් කිරීම, අන්‍යෝන්‍ය සම්බන්ධතා සහ සන්නිවේදනය ගැඹුරු කිරීම, හරිත නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කිරීම, සංවර්ධන හැකියාව දියුණු කිරීම, ශිෂ්ටාචාර සංවාද ශක්තිමත් කිරීම හා කලාපීය සාමය ආරක්ෂා කිරීම ඇතුළු යෝජනා 8ක් ෂී ජින් පිං මහතා එහිදී ඉදිරිපත් කළේය. ඒ වෙනුවෙන් කර්මාන්ත, ආයෝජන, කෘෂි කාර්මික, ගමනාගමන හා අධ්‍යාපන යනාදී ක්ෂේත්‍ර වල සංවාද හා හමුවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට චීනය යෝජනා කරන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. චීන-මධ්‍යම ආසියානු බලශක්ති වර්ධන හවුල්කාරී සබඳතාව ගොඩනගමින් ඛනිජ තෙල් හා ගෑස් වෙළඳ පරිමාණය පුළුල් කිරීම, නව බලශක්ති හා න්‍යෂ්ටික බලශක්ති ස‍හයෝගිතා ශක්තිමත් කිරීමට ද චීනය යෝජනා කරයි. තිරසර වර්ධන තාක්ෂණය, නිර්මාණශීලිත්වය හා ස්වයං රැකියා, අභ්‍යාවකාශ තොරතුරු විද්‍යා හා තාක්ෂණය ඇතුළු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ විශේෂ සහයෝගිතා සැලැස්මට මධ්‍යම ආසියානු රටවල් එක් වීම චීනය පිළි ගනී. චීන-මධ්‍යම ආසියානු රටවල තාක්ෂණ හා හැකියා වැඩිදියුණු කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරමින් ආසියානු රටවලට චීන යුවාන් බිලියන 26කින් යුතු මුදල් සැපයීමේ සහාය හා නිදහස් ආධාර චීනය ලබා දෙනු ඇත. එමෙන්ම නීති බලාත්මක කිරීම හා ආරක්ෂක හැකියා වර්ධනය කිරීමට අනුබල දෙමින් විවිධ රටවලට කලාපීය සාමය රැක ගැනීම හා ත්‍රස්තවාදය මර්දනය කිරීමට සහය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂි ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම