ඉන්දුනීසියාවේ Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ විදුලි සම්ප්‍රේෂණ කටයුතු සාර්ථකව අවසන් කෙරේ
2023-05-19 10:29:41
Share with:

ඉන්දුනීසියාවේ Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ සමස්ත කොටස්වල විදුලි බල සැපයුම සාර්ථකව අවසන් කෙරේ.

අධිවේගී දුම්රියට චාලක ශක්තිය ලබා දීමට, අධිවේගී දුම්රිය මාර්ගය දිවෙන ස්ථානයන්හි අධිවෝල්ටීයතා විදුලි බලය, ප්‍රකර්ෂණ උප සේවා ස්ථානය මගින් කිලෝවොට් 27.5ක තනි ඒකක කාර්මික සංඛ්‍යාත ප්‍රත්‍යාවර්තක ධාරා බවට පරිවර්තනය කෙරේ. එය අධිවේගී දුම්රිය මාර්ගයට ඉහළින් ඇති විදුලි ජාලයට සම්ප්‍රේෂණය කිරීම සිදු වේ. Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ මෙම විදුලි බල සැපයුම් ජාලය කිලෝමීටර් 384.6ක දිගකින් යුතුව ඉදි කර ඇත. එහි විදුලි සැපයුම් පද්ධතිය නිර්මාණය කෙරුණේ චීන තාක්ෂණය යොදා ගෙන චීන ප්‍රමිතීන්ට අනුව වීම විශේෂත්වයකි. 

Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා චීන ඉන්දුනීසියානු සහයෝගිතාවන් සංකේතවත් වන සුවිශේෂී ව්‍යාපෘතියකි. ඉන්දුනීසියාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයටත් දෙරටේ සහයෝගිතා පුළුල් කිරීමටත් එය මනා පිටුබලයක් සපයනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම