ජී-7 කණ්ඩායම විවෘතභාවයෙන් හා සහභාගීත්‍වයෙන් යුතු ප්‍රවණතාවට අනුකූල විය යුතු බවට චීනයෙන් ඉල්ලීමක්
2023-05-19 17:18:51
Share with:

විවෘතභාවයෙන් හා සහභාගීත්‍වයෙන් යුතු ප්‍රවණතාවට අනුකූල ව කටයුතු කරන ලෙස චීනය ජී-7 කණ්ඩායමෙන් ඉල්ලයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

ඇමරිකානු රජයේ උසස් පෙළේ නිලධාරීන් පවසා ඇත්තේ ජී-7 සමුළු නිවේදනයෙන් චීනයේ ඊනියා ‘ ආර්ථික බලහත්කාරය ’ කෙරෙහි කණස්සල්ල පළ කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් Wang Wenbin මහතා අදහස් දක්වමින්, ඇමරිකාව සිය වාසි සාක්ෂාත් කර ගැනීම සඳහා, දේශපාලන, ආර්ථික, යුදමය කටයුතු, සංස්කෘතික ඇතුළු විවිධ ක්ෂේත්‍ර ප්‍රයෝජනයට ගනිමින් ලොව පුරා බලහත්කාරී රාජ්‍ය තාන්ත්‍රික භාවය වෙනුවෙන් ‍පෙනී සිටින බව සඳහන් කළේ ය. ජී-7 සමුළුව ආර්ථික බලහත්කාරය පිළිබඳ සාකච්ඡා කරන්නේ නම්, ඇමරිකාව එහි වෙනත් සාමාජික රටවල් 6ට එරෙහි අනිසි බලපෑම් එල්ල කරන්නේ කෙසේ ද යන්න ප්‍රථමයෙන් ම සාකච්ඡාවට ලක් විය යුතු බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් ක‍ළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම