පකිස්ථානය හා ඉරානය ප්‍රථම වරට දේශසීමාවේ වෙළඳපොලක් විවෘත කරති
2023-05-19 10:16:59
Share with:

පකිස්ථාන අග්‍රාමාත්‍ය Shahbaz Sharif මහතා සහ ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා එක්ව ඊයේ (18) දෙරට අතර ප්‍රථම දේශසීමා වෙළඳපොල විවෘත කර ඇත. චීනයේ සම්බන්ධීකරණය යටතේ, ඉරානය හා සෞදි අරාබිය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමත් සමග, මෙම රටවල් දෙක සමඟ මිත්‍ර සබඳතා පවත්වා ගෙන යන පකිස්ථානය, ඉරානය සමඟ ඇති සහයෝගිතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ ඉරාන ජනාධිපතිවරයා ඊයේ(18) නිරිතදිග පාකිස්ථානයේ balochistan පළාතේ Pishin නමැති ගම්මානයේදී හමු වෙමින් ඒකාබද්ධව Mand-Pishin දේශසීමා වෙළඳපොල විවෘත කළහ. 2012 වසරේ දෙරට අත්සන් තැබු ගිවිසුමට අනුව, දේශසීමා වෙළඳාම, දේශසීමා ප්‍රදේශවල සංවර්ධනය හා රැකියා නියුක්තිය වර්ධනය කිරීම සඳහා දෙරට අතර දේශසීමා වෙළඳපොල 6ක් විවෘත කිරීමට සැලසුම් කෙරිණ. Mand-Pishin දේශසීමා වෙළඳපොල ඉන් පළමු වැන්නයි. 

පකිස්ථානය හා ඉරානය අතර දේශසීමා ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමට පකිස්ථානය උපරිම උත්සාහ දරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shahbaz Sharif මහතා ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතාට ප්‍රතිඥා ලබා දුන්නේය. එමෙන්ම දෙපාර්ශ්වය වෙළඳාම හා ආර්ථීක සම්බන්ධතා තහවුරු කිරීමට එකඟ වූ බවද Shahbaz Sharif මහතා පැවසීය. එමෙන්ම පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, Seyed Ebrahim Raisi මහතාට ඉස්ලාමාබද් අගනුවර සංචාරයකට එක් වන ලෙස ආරාධනාවක් ද කළේය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම