ලෝක සාමය විනාශ කරන ඇමරිකාවේ බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රිකත්වය
2023-05-19 11:24:52
Share with:

               

                 බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රිකත්වය සම්බන්ධයෙන් ඇමරිකාව වෙනත් රටවලට චෝදනා එල්ල කර ඇතත් බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ නිර්මාණකරුවා හා ක්‍රියාකරුවා වන්නේ වෙන කිසිදු රටක් නොව ඇමරිකාව බව කිව යුතු ය. දිගු කාලයක් තිස්සේ ආර්ථික හා තාක්ෂණික බාධා, ඒකපාර්ශ්වික සම්බාධක, හමුදා තර්ජන හා දේශපාලනික හුදකලා කිරීම් වැනි කපටි සෙල්ලක්කාර ක්‍රම මගින් ඇමරිකාව සිය බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ මැනවින් නිරත වී ඇත. එලෙසින් ඇමරිකාව දේශපාලන, ආර්ථික, හමුදා හා සංස්කෘතික ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා, සංවර්ධනය වෙමින් ‍පවතින රටවලට පමණක් නොව සිය සන්ධානකරුවන්ට ද හිරිහැර කර තිබේ.

                 ඇමරිකාව බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් අනුගමනය කරමින් ගෝලීය වශයෙන් දැඩි හානි සිදු කර ඇතැයි පැහැදිලි කරුණකි. වත්මන් යුගයේ ප්‍රධාන තේමාව වන්නේ සාමය හා සංවර්ධනයයි. එහෙත් මෑත වසරවල සිය රටේ යහපතට මුල් තැන දෙමින් ඇමරිකාව ලොව පුරා සාමය හා සංවර්ධනයට බාධා කිරීමේ බොහෝ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කර ඇත. සිය ආධිපත්‍යය රැකගැනීම සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසු හැඩ ගැසුණු ගෝලීය සහයෝගිතා රාමුවෙන් ඉවත් වීම හේතුවෙන් ආර්ථික ගෝලීයකරණයට හා කලාපීය ආර්ථික ඒකීයත්වයට දැඩි හානි සිදු වී තිබේ.

                 බ්‍රික්ස් රටවල් ඇතුළු නැගී එන ආර්ථිකයන් හා සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනයට බාධා කිරීමට ඇමරිකාව දක්වන්නේ දැඩි උනන්දුවකි. වෙනිසියුලාව,කියුබාව,මියන්මාරය , සිරියාව සහ ‍අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකාව ආර්ථික සම්බාධක පනවා ඇති බැවින් එම රටවල තිරසර සංවර්ධන ක්‍රියාවලියට සෘජුවම බාධා එල්ල වී තිබේ. එමෙන් ම චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවලට ද ආර්ජන්ටිනාව, මෙක්සිකෝව හා තුර්කිය වැනි නැඟී එන ආර්ථිකයන් හිමි රටවලට ද ආර්ථික සම්බාධක පනවා ඇමරිකාව එම රටවල ආර්ථික යහපතට හානි පමුණුවා ඇත.

                 ඇමරිකාවේ බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත හේතුවෙන් ජගත් ප්‍රජාව තුළ අසමගිය හටගෙන තිබෙන්නේ අද ඊයේ නොවේ. දැනට පවතින යුක්රේන අර්බුදය හමුවේ රුසියාවට සම්බාධක පැනවීමට යුරෝපා සංගමය හා සෙසු සංවර්ධිත රටවල් ඇමරිකාව පොළඹවමින් සිටින අතර යුධ පාර්ශ්ව තෝරා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට බල කර තිබේ. ඉරානයට අඛණ්ඩව සම්බාධක පැනවීම සඳහා සිය යුරෝපීය සන්ධානකරුවන්ට ඇමරිකාව බලහත්කාරයෙන් බලපෑම් කිරීම තවත් සාක්ෂියකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම