චීන උස්බෙකිස්තාන ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්
2023-05-18 19:11:01
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (18) පස්වරුවේ Xi'an හිදී චීන-මධ්‍යම ආසියානු සමුළුවට සහ  නිල සංචාරයක් සඳහා මෙහි පැමිණ සිටින උස්බෙකිස්තාන ජනාධිපති Shavkat Mirziyoyev සමඟ සාකච්ඡා පැවැත්වීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී චීනය සහ උස්බෙකිස්තානය එක්ව ද්විපාර්ශ්වික මට්ටමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව  ගොඩනැංවීම ක්‍රියාත්මක කරන ලෙස ප්‍රකාශයට පත් කළ බවත් එය ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව දිශානතියක් වූ බවත් ෂී ජින් පිං මහතා පැවසීය. සමස්ත සහයෝගීතාව ගැඹුරු කර චීන උස්බෙකිස්තාන පොදු  ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීමට චීනය උස්බෙකිස්තානය සමග කටයුතු කිරීමට සූදානම්  බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම