ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළට-එක්සත් ජාතීන්ගේ වාර්තාවක් හෙළි කරයි
2023-05-18 10:29:45
Share with:

මේ වසරේ ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි. "ලෝක ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන් 2023" මධ්‍ය වාර්ෂික වාර්තාව, පසුගිය 16වැනිදා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලදී.

මෙම වාර්තාවට අනුව, 2023 වසර සඳහා ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව වසර ආරම්භයේදී පුරෝකථනය කළ 1.9% සිට 2.3% දක්වා ඉහළ නංවා ඇත. චීනයේ ආර්ථික වර්ධන අපේක්ෂාව වසර ආරම්භයේදී 4.8% සිට 5.3% දක්වා ඉහළ නැංවීය. ඇමරිකානු ආර්ථික වර්ධන අපේක්ෂාව 0.4% සිට 1.1% දක්වා ඉහළ නංවා ඇති අතර, යුරෝපා සංගමයේ වර්ධන අපේක්ෂාව 0.2% සිට 0.9% දක්වා ඉහළ නංවා තිබේ.

මෙම වාර්තාවට අනුව, 2023 වසරේ ලෝක ආර්ථික තත්ත්වය පෙර පුරෝකථනයන්ට ව‍ඩා යහපත් මට්ටමක පවතී. කෙසේ වුවද වසංගතය, යුක්රේන අර්බුදය, දේශගුණික විපර්යාස හා සාර්ව ආර්ථික තත්ත්වයෙහි වෙනස්කම් යන බලපෑම් හේතුවෙන්, ලෝක ආර්ථිකය දිගුකාලීන අඩු වර්ධන අවධියකට පිවිසිය හැකිය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම