කැබිනට් අමාත්‍යාංශ 30ක් පමණක් තිබිම ප්‍රමාණවත් බව ජනාධිපතිවරයා පවසයි
2023-05-18 13:58:37
Share with:

කැබිනට් අමාත්‍යාංශ 30ක් පමණක් තිබිම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම පවතින තත්ත්වය ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවය.

දැනටමත් පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන මෙන්ම වාරිමාර්ග සහ මහවැලි එක් අමාත්‍යාංශයක් යටතට පත්ව ඇති අතර වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ද එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කළහොත්  මූල්‍ය අරමුදල ලබාදුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධිය ළගා කරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම