යේමන ප්‍රශ්නය දේශපාලන මාර්ගයෙන් විසඳාගන්නා ලෙස චීනයෙන් ඉල්ලීමක්
2023-05-18 14:31:14
Share with:

යේමනයේ දේශපාලන ක්‍රියාදාමය වෙනුවෙන් යහපත් පරිසරයක් නිර්මාණය කරන ලෙස චීනය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(17) යේමනයේ තත්ත්වය පිළිබඳ විවෘත රැස්වීමක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ නිත්‍ය චීන නියෝජ්‍ය නියෝජිත ගෙන්ග් ෂුවන්ග් මහතා එහිදී චීනයේ ස්ථාවරය දැක්වීය.

පසුගිය කාලය තුළ විවිධ පාර්ශ්වයන් දේශපාලන මාර්ගයෙන් යේමන ගැටළුව විසඳීමටත් යේමන ජනතාවගේ කටුක ජීවිතය අවසන් කිරීමටත් ප්‍රයත්න දරා සිටින බවත් චීනය මේ පිළිබඳව ප්‍රශංසා කරන බවත් ගෙන්ග් ෂුවන්ග් මහතා කීය. යේමනයේ ගැටළුවට සම්බන්ධ පාර්ශ්වයන් ජනතාවගේ යහපතට සැලකිල්ල දක්වමින් හමුදාමය ක්‍රමය අතහැර දේශපාලන මාර්ගයෙන් ගැටළු විසඳීමෙහි නියැළෙමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාගේ උපදෙස් පරිදි සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සටන් විරාමයකට කඩිනමින් පිවිසීම චීනයේ බලාපොරොත්තුවකි. 

යේමන ප්‍රශ්නය දේශපාලන මාර්ගයෙන් නිරාකරණය කිරීම කලාපීය තත්ත්වයට අතිශයෙන් වැදගත්ය. චීනය මේ සඳහා අඛණ්ඩව උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බව ද ගෙන්ග් ෂුවන්ග් මහතා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම