ඇමරිකානු ආර්ථිකය පසුබැස්ම අබියස-ඇමරිකානු මාධ්‍ය පවසයි
2023-05-18 10:42:14
Share with:

ණය ගෙවීම පැහැර හැරියහොත් ඇමරිකාව පසුබැස්මට ලක්වනු ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි.

ණය ඉහළම සීමාව පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන්, ඇමරිකානු දේශපාලන පක්ෂ දෙක ඊයේ(17) වන විටත් එකඟතාවකට පැමිණ නොමැති බැවින් සමාජයේ මහජන මතය අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ හිටපු නිලධාරීයෙක් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ණය ඉහළම සීමාව පිළිබඳ ගැටළුව දේශපාලනයෙන් නිර්මාණය කරන ලද මුල්‍ය අර්බුදයක් බවයි. ණය නොගෙවීම් සිදු වුවහොත් ඇමරිකාවට ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොලේ විශ්වාසනීයත්වය අහිමි වනු ඇති අතර එය ඇමරිකාව ආර්ථික පසුබැස්මට තල්ලු කරනු ඇතැයි හෙතෙම විස්තර කළේය.

මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩි ආයතනයේ ප්‍රධාන ආර්ථීක විශේෂඥ Mark Zandi මහතා සඳහන් කළේ වර්තමානයේ ඇමරිකා ආර්ථීකය ඉතා දුර්වල වී ඇති බවත් මේ වන විට පසුබැස්මේ අද්දර සිටින බවත්ය.ණය ඉහළම සීමාව පිළිබඳ ගැටළු කෙරෙහි ඇමරිකානු දේශපාලන පක්ෂ දෙකට එකඟතාවකට එළඹීමට නොහැකිවුවහොත් දැනට නොසන්සුන් වෙළඳපොල තවදුරටත් ව්‍යාකූලවනු ඇත.අවසානයේ එමඟින් ඇමරිකාවේ ආර්ථික පසුබැස්ම සිදු වනු ඇති බවද හෙතෙම පවසා තිබේ. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම