චීන සහ කිර්ගිස්ථාන ජනාධිපතිවරු සාකච්ඡා පවත්වති
2023-05-18 10:31:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (18) කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා සමඟ Shaanxi පළාතේ Xi'an නගරයේදී සාකච්ඡා පැවැත්වීය. චීන-මධ්‍යම ආසියානු නායක සමුළුවට සහභාගී වීමට සහ රාජ්‍ය සංචාරයක් සඳහා කිර්ගිස්ථාන ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටී.

කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා සාදරයෙන් පිළිගන්නා බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. පසුගිය වසරේ Sadyr Japarov ජනාධිපතිවරයා සමග දෙවතාවක් හමුවී චීන-කිර්ගිස්ථාන සබඳතා සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ වැදගත් එකඟතාවන්ට පැමිණි බව හෙතෙම පැවසීය. ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ප්‍රබල ජවයක් එන්නත් කරමින් මෙම එකඟතාවන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කෙරෙමින් පවතී. Sadyr Japarov මහතාගේ නායකත්වය යටතේ කිර්ගිස්ථානය විවිධ ව්‍යාපාරවල නව ජයග්‍රහණ අත්කර ගනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින් පිං මහතා පැවසීය. යහපත් අසල්වැසි මිත්‍රත්වය සහ හවුල් සමෘද්ධිය සහිත චීන-කිර්ගිස්ථාන පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමටත්, දෙරටේ සංවර්ධනයට සහ පුනර්ජීවයට උපකාර කිරීම සඳහා සර්වපූර්ණ සහයෝගීතාව පැවැත්වීමටත් කිර්ගිස්ථානය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

චීනයේ තායිවාන ප්‍රදේශය, ෂින්ජ්‍යාං උයිගුර් ස්වායත්තය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය වැනි මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට කිර්ගිස්ථානය නොසැලී සහාය දෙන බව Sadyr Japarov මහතා පැවසීය. කිර්ගිස්ථානය චීන ව්‍යවසායන් සඳහා ආරක්ෂිත සහ යහපත් ආයෝජන පරිසරයක් ලබා දීමට සෑම උත්සාහයක්ම දරනු ඇති අතර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඒකාබද්ධව ඉදිකිරීම් ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යනු ඇතැයි හෙතෙම පැවසීය.

සාකච්ඡාවෙන් පසුව, රාජ්‍ය නායකයින් දෙදෙනා "නව යුගයක් සඳහා පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව ස්ථාපිත කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ කිර්ගිස් ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශය" අත්සන් කළහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම