චීන-තුර්ක්මෙනිස්ථාන ජනපතිවරුන් අතර හමුවක්
2023-05-18 16:25:43
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-මධ්‍යම ආසියානු සමුළුවට එක්වන තුර්ක්මෙනිස්ථාන ජනාධිපති Serdar Berdimuhamedov මහතා හමු වෙයි. හමුව අද(18) චීනයේ Xi’an නගරයේ දී සිදු විය.

මෙම වසරේ ජනවාරි මාසයේ Berdimuhamedov මහතා චීන‍ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදී දෙරට සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා ඉහළ නංවන බවට තමා Berdimuhamedov මහතා සමග එක්ව ප්‍රකාශයට පත් කළේ යැයි ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ඒ සමග ම, දෙරට සබඳතාව නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබේ. මධ්‍යම ආසියාතික රටවල් 5 සමග එක්ව ප්‍රයත්න දරමින් මෙවර චීන-මධ්‍යම ආසියානු සමුළුව සාර්ථක අයුරින් පවත්වා චීන-මධ්‍යම ආසියානු සහයෝගිතා තහවුරු කිරීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා කියා සිටී.

Berdimuhamedov මහතා එහිදී සඳහන් කළේ තුර්ක්මෙනිස්ථාන-චීන සබඳතාවේ දීප්තිමත් පුළුල් අනාගතයක් දක්නට ලැබෙන බවයි. චීන-මධ්‍යම ආසියා ක්‍රමවේදය මිතුදම හා සහයෝගිතා තහවුරු කිරීම උදෙසා නව පදනමක් වන අතර, ලෝකයට ද අතිශය වැදගත් බව ද හෙතෙම පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම