චීන තජිකිස්ථාන ජනාධිපතිවරුන් අතර හමුවක්
2023-05-18 15:47:53
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි.

එම සාකච්ඡාව අද(18) චීනයේ Xi'an නගරයේ පැවැත්විණ.

චීන-මධ්‍යම ආසියා රටවල නායක සමුළුවට සහභාගිවීම සහ චීනයේ නිල සංචාරයක් සඳහා Emomali Rahmon මහතා චීනයට පැමිණ සිටී.

2019 වසරේ තමා තජිකිස්ථානයේ නිල සංචාරයක් සිදු කළ අතර චීන හා තජිකිස්ථානය සංවර්ධන ප්‍රජාව සහ ආරක්ෂක ප්‍රජාව ගොඩනැගීම ඉදිරිපත් කළ බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. තජිකිස්ථානය සමඟ එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා මට්ටම සම්පූර්ණයෙන් ඉහළ නංවා පොදු ඉරණම සහිත චීන-තජිකිස්ථාන ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම