ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව දිවයින පුරා
2023-05-17 14:00:47
Share with:

ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

ඒ අනුව මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා දීප ව්‍යාප්තව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේ මුල් කාර්තුව හා 2023 වසරේ මේ දක්වා කාලය සංසන්දනය කරන විට මේ වන විටත් ඩෙංගු රෝගීන් 2000ක පමණ වැඩි වීමක් වාර්තා වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ ජුනි- ජූලි මාසවලදී රෝගීන් 11,000 බැගින් වාර්තා වූ අතර මේ වසරේදී එම සංඛ්‍යාව ඉක්මවා යාමට ඇති හැකියාව පාලනය කිරීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරතව සිටින බව ද ඒ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම