තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ පාසල් අධ්‍යාපනයට
2023-05-17 13:59:42
Share with:

තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ පාසල් අධ්‍යාපනයට එක් කිරීමට තීරණය කෙරේ.

ඒ අනුව, 6-9 ශ්‍රේණි දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අගදී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමෙන්ම මෙම නව විෂයන් ඉගැන්වීමට අමතරව ශිෂ්‍ය ප්‍රජාව අතර ඉංග්‍රීසි භාෂා භාවිතය වඩාත් පුළුල්ව ප්‍රචලිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී ඒ තත්ත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම