ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහභාගී වන ලෙස වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ට චීනයෙන් ඉල්ලීමක්
2023-05-17 19:11:49
Share with:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහභාගී වන ලෙස වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් චීනය ඉල්ලීමක් කරයි.

චීන විදේශ අමාත්‍යාංශ  ප්‍රකාශක Wang Wenbin මහතා  අද (17) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ චීනය සිය මූල්‍ය ආයතනවලට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සක්‍රීයව සාකච්ඡා කිරීමට සෑම විටම සහාය දෙන බවයි. ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගනිමින් මේ සම්බන්ධයෙන් සාධනීය කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහභාගී වී වගකීම් සාධාරණව බෙදා ගන්නා ලෙසට චීනය වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා පැවසීය.‍

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම