ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනයේ අඛණ්ඩ විශ්වාසය සහ ශක්තිය
2023-05-17 18:29:38
Share with:

ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනය අඛණ්ඩව විශ්වාසය සහ ශක්තිය ලබා දෙන බව  චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය "2023 වසරේ ලෝක ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන්" නමැති මධ්‍ය වාර්ෂික වාර්තාව ඊයේ(16) නිකුත් කළේය. එම වාර්තාවෙන් චීනයේ 2023 වසරේ ආර්ථික වර්ධන පුරෝකථනය 4.8% සිට 5.3% දක්වා ඉහළ නංවා ඇත.

මෑතකදී ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන ද මේ වසරේ චීනයේ ආර්ථික වර්ධනය සඳහා ඔවුන්ගේ අනාවැකි ඉහළ නංවා ඇති අතර, චීනයේ ආර්ථික සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ඉන් පෙන්නුම් කෙරෙන බව Wang Wenbin මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම