ඉන්දියන් සාගරයේදී අනතුරකට ලක් වූ චීන ධීවර නෞකාවේ සෙවුම් කටයුතු පිළිබඳ චීන ජනපතිගේ අවධානය
2023-05-17 10:15:56
Share with:

ඉන්දියන් සාගරයේ මැද කලාපයේදී චීනයේ ධීවර නෞකාවක් අනතුරකට ලක්වීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා උපදෙස් ලබා දෙයි.

ඊයේ(16) අලුයම 3ට පමණ මෙම චීන ධීවර නෞකාව ඉන්දියන් සාගරයේ මැද කලාපයේදී පෙරලීමට ලක්විය. එම නෞකාවේ රැඳී සිටි පුද්ගලයින් 39 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. චීන ජාතිකයින් 17 දෙනෙක්, ඉන්දුනීසියානු ජාතික‍යින් 17 දෙනෙක් සහ පිලිපීන ජාතිකයින් 5 දෙනෙක් ඒ අතර වේ. මේ වන විට අතුරුදන්ව සිටින පුද්ගලයින් සෙවීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන්ට ‍උපදෙස් ලබා දී ඇත. ඒ අනුව චීන කෘෂි හා ග්‍රාමීය කටයුතු අමාත්‍යංශය, ගමනාගමන අමාත්‍යංශය හා ශන්දොං පළාත් රජය හදිසි ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින්, අනතුර සිදුවූ මුහුදු කලාපයට සහන නෞකා යවා ඇත. චීන සමුද්‍රීය සහන මධ්‍යස්ථානය අදාළ රටවලට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල සමුද්‍රීය සහන කණ්ඩායම් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් කටයුතුවල මේ වන විටත් නිරත වෙමින් සිටිති. ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දුනීසියාව, පිලිපීනය යන රටවල චීන තානාපති කාර්යාල, චීන විදේශ අමාත්‍යංශයේ සම්බන්ධීකරණයට අනුව එම රටවල අදාළ අංශ, මුදා ගැනීමේ සහ සෙවුම් කටයුතුවලට කඩිනමින් යොදවා ඇත. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම