චීන-මධ්‍යම ආසියා රටවල නායක සමුළුව, චීනය සහ මධ්‍යම ආසියා රටවල් අතර සහයෝගිතාවේ නව පරිච්ඡේදයක් වනු ඇති බවට අපේක්ෂා
2023-05-17 18:25:57
Share with:

හෙට (18) පැවැත්වීමට නියමිත චීන-මධ්‍යම ආසියා රටවල නායක සමුළුව, චීනය සහ මධ්‍යම ආසියා රටවල් අතර සහයෝගිතාවේ නව පරිච්ඡේදයක් වනු ඇතැයි බලා‍පොරොත්තු වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගියදා චීන ඛණිජ තෙල් විශ්ව විද්‍යාලයේ මධ්‍යම ආසියා රටවල සිසුන්ට පිළිතුරු ලිපියක් යොමුකර, චීනය සහ මධ්‍යම ආසියා රටවල් අතර මිත්‍රත්ව ව්‍යායාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වඩා විශාල කාර්යභාරයක් ඉටු කිරීම සඳහා සිසුන් දිරි ගැන්වීය.

ඒ සම්බන්ධයෙන් Wang Wenbin මහතා පැවසුවේ, චීනය සහ මධ්‍යම ආසියානු රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු වසර 30 කට වැඩි කාලයක් තුළ චීන-මධ්‍යම ආසියානු රටවල ජනතාව අතර අධ්‍යාපන, සංස්කෘතික, සෞඛ්‍ය, සංචාරක සහ ප්‍රාදේශීය හුවමාරු ක්ෂේත්‍රවල ඵලදායී සහයෝගීතා රැසක් ලබා ගෙන ඇති බවයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම