චීන මහජන දේශපාලන උපදේශක සභාව විශේෂ සමුළුවක් පවත්වයි
2023-05-17 11:21:33
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාව චීන ශිෂ්ටාචාරය විකාශනය හා බලපෑම ශක්තිමත් කිරීම තේමාවෙන් යුත් වි‍ශේෂ සාකච්ඡා සමුළුව ඊයේ(16) පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සභාපති Wang Huning මහතා ඊට එක් වෙමින් ප්‍රකාශයක් සිදු කළේය. චීන ශිෂ්ටාචාරය විකාශනය හා බලපෑම ශක්තිමත් කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය ගත් වැදගත් පියවරක් බව හෙතෙම පැවසීය. ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී චින්තනය, චීන ශිෂ්ටාචාරය විකාශනය හා බලපෑම ශක්තිමත් කිරීමේ මූලික මාර්ගෝපදේශකත්වය ලෙස ප්‍රායෝගිකව සැලකිය යුතු බව හෙතෙම කීය.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සාමාජිකයන් 100ක් පමණ එම සමුළුවට එක් වූ අතර, සාමාජිකයන් හා වි‍ශේෂඥයන් 20ක් එහිදී ප්‍රකාශ සිදු කළහ. සංස්කෘතික විශ්වාසයේ එල්බ සිටිමින් ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී චින්තනය ප්‍රචාරය කළ යුතු ය. ප්‍රකාශන ක්‍රම සහ සන්නිවේදන ක්‍රම නිර්මාණශීලි කිරීම මගින් චීනය පිළිබඳ නිවැරදි දැක්ම සැකසීමට ජගත් ප්‍රජාවට මග පෙන්වීම සිදු කළ යුතු බව ඔවුහු විශ්වාසය පළ කළහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම