රටක් සංවර්ධනය උදෙසා පරමාදර්ශ සොයන්නේ නම් සංවර්ධන මානයන් උකහා ගැනීමට ඇති හොඳම රට චීනයයි
2023-05-17 18:23:19
Share with:

දුප්පත්කම තුරන් කිරීමේ යාන්ත්‍රණයේ ලෝකයේම අවධානය යොමු වී තිබෙන සුසමාදර්ශී නූතන නායකත්වයක් චීන ජනපති ෂී ජින්පිං මහතා විසින් ප්‍රදර්ශනය කරමින් සිටී. එය සාක්ෂාත් වන එලඹුම් චීනය තුල නොඅඩුව පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී, මාධ්‍යවේදී ෂෙල්ටන් බණ්ඩාර මහතා පැවසීය.

පොදු සමෘද්ධියක් සාක්ෂාත් කිරීමේ දී කිසිඳු පුද්ගලයෙකු අත් නොහැරිය යුතු බව  චීන ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ. එම අදහස කවර රටක වුවද දරිද්‍රතාවය තුරන් කිරීමට අවශ්‍ය දිරිය සපයයි. චීනය එය ප්‍රායෝගිකව ඔප්පු කරමින් සිටී. 2021 වර්ෂය වන විට චීනයේ ග්‍රාමීය පදිංචිකරුවන් මිලියන 98.99 ක් වත්මන් දරිද්‍රතා රේඛාවෙන් ඉහළට එසවීමට චීනය සමත්ව ඇත. ඒ අනුව අඩු ආදායම්ලාභි චීන ජනතාව රටෙහි සංවර්ධනයේ ප්‍රතිලාභ භුකිති විඳිමින් සිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් වසර දහස් ගණනක් පුරා චීන ජාතිකයන් පීඩාවට පත්කළ නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීමේ ‌ෙඑතිහාසික ජයග්‍රහණය අත්කරගෙන ඇති අතර ගෝලීය දරිද්‍රතාවය මැඩීමට ද සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන බව ෂෙල්ටන් බණ්ඩාර මහතා කියා සිටී.

ගම්මාන නැවත නගා සිටුවීමේ දී ඒ ඒ ගම්මාන වල පවතින විභවතාවයන් හදුනාගෙන අවශ්‍ය ගැලපෙන සංවර්ධන මාවත් විවර කිරීමේ යාන්‍ත්‍රණය දැනට සාර්ථකව ක්‍රියාත්මක කරන රටක් ලෙස චීනය ඉදිරියෙන් සිටී. මෑත කාලයේ චීනයේ ශීඝ්‍ර වර්ධනය පිටුපස තීරණාත්මක සාධකයක් ලෙස නීතිය නිසි ආකාරයෙන් පවත්වා ගැනීම පෙන්වා දිය හැකිය. මේ අදහස ප්‍රත්‍යක්ෂ වන ප්‍රකාශයක් 2012 නොවැම්බර් මාසයේ දී චීන ජනපති ෂී ජින්පිං මහතා විසින් සිදු කරන ලදි . එහිදී හෙතෙම පවසා ඇත්තේ ජාතික පුනර්ජීවනය චීන ජනතාවගේ විශාලතම සිහිනය බවයි. චීන ලක්ෂණ සහිත නව සමාජවාදයක් ක්‍රියාත්මක කරමින් නිසි සංවර්ධන මාවත සොයාගෙන රටක පවතින ඉහළම සම්පත ලෙස මානව සම්පත නිසි ලෙස  කළමනාකරණය කරමින් දේශීය සංවර්ධනය සැමට ගැලපෙන ලෙස ප්‍රවර්ධනය කිරීම තුලින් චීනය ජයග්‍රහණ රාශියක් අත්කරගෙන සිටී. වත්මන් නායකත්වයේ නිවැරදි දැක්ම එයට මුඛ්‍ය සාධකය වී ඇත. සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදි මාර්ගය අනුගමනය කරන චීනය තුල එහි නැංගුරම වී ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය බව මාධ්‍යවේදී ෂෙල්ටන් බණ්ඩාර මහතා ගේ අදහස වී තිබේ.

වත්මන්  චීනයේ නායක ෂී ජින්පිං මහතා ගේ “ ජනතාවට මුල්තැන දෙන්න" යන අදහස දක්වා චීන සාර්ථකත්වයේ මුඛ්‍ය මුලධර්මය වන්නේ නීතියේ ආධිපත්‍ය ජනතාවාදීව ක්‍රියාවට නැංවීමය. එහිදී චීන ජනතාවගේ විශ්වාසය නීතියේ ආධිපත්‍ය කෙරේ යොමු වී තිබේ. එය පසුගිය දශක කිහිපය තුල චීනය වේගවත්ව නැගීමේ යතුර වී ඇත. එම නිසා යම් රටක් සංවර්ධනය උදෙසා පරමාදර්ශ සොයන්නේ නම් සිය රටේ සංවර්ධනයට අවශ්‍ය සංවර්ධන මානයන් චීනය හරහා ගැළපෙන ලෙස උකහාගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී, මාධ්‍යවේදී ෂෙල්ටන් බණ්ඩාර මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම