චීන-මධ්‍යම ආසියානු මාධ්‍ය අතර ඉහළ මට්ටමේ සංවාදය සහ හුවමාරුව සාර්ථකව පැවැත්වෙයි
2023-05-17 15:05:12
Share with:

චීන-මධ්‍යම ආසියා සමුළුවට පෙරාතුව, චීන මාධ්‍ය සමූහයේ අනුග්‍රහයෙන් මධ්‍යම ආසියාතික රටවල් පහක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් එම ඉහළ මට්ටමේ සංවාද සහ හුවමාරු උත්සවය ඊයේ(16) බෙයිජිං හිදී සාර්ථකව පැවැත්විණ.

"චීනයේ නවීකරණය සහ මධ්‍යම ආසියාව: නව සංවර්ධනය සහ නව අවස්ථා" යන තේමාව යටතේ, චීන මාධ්‍ය සමූහය, මධ්‍යම ආසියානු රටවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල නායකයින්, මධ්‍යම ආසියානු රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, ප්‍රවීණයන් සහ විද්වතුන් ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගනිමින්, මානව සමාජය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී මාධ්‍යයේ නව මෙහෙවර සහ වගකීම් පිළිබඳව එහිදී ඒකාබද්ධව අවධානය යොමු කෙරිණ.

චීනයේ නවීකරණය මානව වර්ගයාට නවීකරණය සාක්ෂාත් කර ගැනීමට නව විකල්පයක් ලබා දී ඇති බවත් මධ්‍යම ආසියාතික රටවල් ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල සංඛ්‍යාවකට ස්වාධීනව නවීකරණය කිරීමට හොඳ ආදර්ශයක් ලබා දී ඇති බවත්  එම නියෝජිතයෝ පිළිගත්හ.

චීනය සහ මධ්‍යම ආසියානු මාධ්‍ය අතර මෙම ඉහළ මට්ටමේ සංවාදය සහ හුවමාරුව චීනයේ සහ මධ්‍යම ආසියානු රටවල මාධ්‍ය ආයතන 100කට අධික සංඛ්‍යාවක සහ සමාජයේ සියලුම අංශවල පුළුල් අවධානයට ලක්ව තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම