පළමු චීන-මධ්‍යම ආසියානු ප්‍රධාන සමුළුව මැයි මස 18,සහ 19 චීනයේ දී
2023-05-17 10:26:28
Share with:

පළමු චීන-මධ්‍යම ආසියානු ප්‍රධාන සමුළුව මැයි මස 18, 19 යන දෙදින චීනයේ ෂැන්සි පළාතේ ෂිඇන් නගරයේදී පැවැත්වීමට නියමිතයි. වසර 31කට පෙර චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු මෙම සමුළුව භෞතික ස්වරූපයෙන් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. 1992 වසරේදී චීනය සහ මධ්‍යම ආසියානු රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු දෙපාර්ශවය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වේගවත් මාවතට පිවිස ඇත.

චීනයේ සහ මධ්‍යම ආසියානු රටවල ආර්ථිකයන් බෙහෙවින් අනුපූරක ය. 2013 වසරේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසකස්තානයට ගිය අවස්ථාවේදී, "සේද මාවතේ ආර්ථික තීරය" ඒකාබද්ධව ගොඩනැගීමේ මුලපිරීම පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ එකිනෙකාට විශාල සංවර්ධන අවස්ථා නිර්මාණය කරමිනි. චීනය සහ මධ්‍යම ආසියාව නව බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, අධි තාක්‍ෂණික සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කරමින් සිටී. මධ්‍යම ආසියාව යනු  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මුලින්ම යෝජනා වූ කලාපය පමණක් නොව, එය ප්‍රදර්ශනය කළ කලාපයක් ද වේ.

චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අතර, ඔවුන් සියල්ලෝම බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර නීතියේ පිළිගත් සම්මතයන් දැඩි ලෙස තහවුරු කරනු ඇත. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා එකිනෙකාට ස්ථිරව සහයෝගය දක්වයි. චීන-මධ්‍යම ආසියානු ප්‍රධාන සමුළුව කැඳවීම මධ්‍යම ආසියානු රටවල් සහ චීනය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කරන අතර ඒකාබද්ධව කලාපය තුළ සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යයේ අනාගතයක් නිර්මාණය කරනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම