චීන-කසකස්ථාන ජනපතිවරුන් අතර හමුවක්
2023-05-17 18:50:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා හමු වෙයි. හමුව අද(17) පස්වරුවේ Xi’an නගරයේ දී සිදු විය.

ෂී ජින් පිං මහතා එහිදී චීන-මධ්‍යම ආසිනානු සමුළුවට එක්වන අතරතුරු චීනයේ නිල සංචාරයක නිරත Tokayev මහතා සාදරයෙන් පිළි ගත්තේ ය. අද දිනට යෙදෙන ඒ මහතාගේ උපන් දිනයට ෂී ජින් පිං මහතා සුභාෂිංසන පිරිනැමීය. මෙම විශේෂ දිනයේ Tokayev මහතා චීනයේ නිල සංචාරයේ නිරත වීම මගින් දෙර‍ට සබඳතාවේ ඉහළ පැවැත්ම මෙන් ම ජනාධිපතිවරයා හා චීනය අතර පවතින සංහිඳියාව ප්‍රශස්ත ලෙස පිළිබිඹු කෙරේ.

චීන-කසකස්ථාන සබඳතාවේ නව්‍ය ‘ ස්වර්ණමය දශක 3 ’ ආරම්භ වී ඇති බව පැවසූ ෂී ජින් පිං මහතා දෙපාර්ශවය පාරම්පාරික මිතුදමෙන් යුතු පොදු ඉරණම සහිත චීන-කසකස්ථාන ප්‍රජාව ගොඩ නැංවීම තහවුරු කළ යුතු බව සඳහන් කර තිබේ.

හෙට(18) පැවැත්වීමට නියමිත චීන-මධ්‍යම ආසියා සමුළුව සංධිස්ථානාත්මක වැදගත්කමෙන් යුක්ත ය. මෙමගින් චීනය හා මධ්‍යම ආසියාතික රටවල් අතර සහයෝගිතා නව යුගයකට පිවිසීම ඉදිරියට මෙයෙහවනු ඇති බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ.

චීනය සමග එක්ව, දෙරට සදාකාලීන පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තහවුරු කිරීමට තම රට සූදානම් බව Kassym-Jomart Tokayev මහතා එහිදී පැවසීය. දෙරට නව්‍ය ‘ ස්වර්ණමය දශක 3 ’ ආරම්භ කිරීමට සවියක් ලබා දීම කසකස්ථානයේ කැමැත්තකි. චීනය සමග එක්ව, චීන-මධ්‍යම ආසියානු ක්‍රමවේදය සුමට ලෙස ප්‍රයෝජනයට ගනිමින් කලාපීය ආරක්ෂාව, ස්ථායිතාව හා සංවර්ධනය තහවුරු කිරීමට කසකස්ථානය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියා සිටී.

හමුවෙන් අනතුරුව, නායක දෙපළ ‘ චීන මහජන සමූහාණ්ඩුවේ හා කසකස්ථාන ජනරජයේ ඒකාබද්ධ නිවේදනය ’ට අත්සන් තැබූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම