චීන මාධ්‍ය සමූහය මධ්‍යම ආසියානු රටවල් පහේ ප්‍රධාන මාධ්‍ය ආයතන සමග මාධ්‍ය සහයෝගීතාවය අරඹයි
2023-05-17 10:46:46
Share with:

චීන මාධ්‍ය සමූහය මධ්‍යම ආසියානු රටවල් පහේ ප්‍රධාන මාධ්‍ය ආයතන සමග පුවත් විකාශන සහයෝගීතාවය අරඹයි.

චීන-මධ්‍යම ආසියා රටවල නායක සමුළුව ආරම්භ කිරීමට පෙර, චීන මාධ්‍ය සමූහය සහ මධ්‍යම ආසියානු රටවල් පහේ ප්‍රධාන මාධ්‍ය ආයතන සමග “මධ්‍යම ආසියාවට සෘජු ප්‍රවේශය” නමැති ප්‍රවෘත්ති වාර්තා කිරීමේ සහයෝගීතාවය අද (17) නිල වශයෙන් ආරම්භ කෙරේ. ඒ අනුව, ප්‍රවෘත්තිමය කරුණු පොදුවේ භාවිත කිරීම, ඍජු පුවත් වාර්තාකරණය, අන්තර්ජාල වේදිකාව පොදුවේ සංවර්ධනය කිරීම සහ අන්තර් පුද්ගල සබඳතා යන ක්ෂේත්‍රවල සහයෝගීතාවයන් තහවුරු කරනු ඇත. එමෙන්ම, චීන මාධ්‍ය සමූහයට අයත් CCTV+ ජාත්‍යන්තර වීඩියෝ පුවත් ඒජන්සිය, කසකස්තානය, කිර්ගිස්තානය, ටර්කිමෙනිස්තානය, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය යන රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන සමග ගැඹුරු,බහු ආකෘතික සහ පුළුල් ආවරණයක් සහිත මාධ්‍ය සහයෝගීතාවයක් පවත්වනු ඇත.

පොදුවේ සාකච්ඡා කිරීම, පොදු සංවර්ධනය සහ පොදු ජයග්‍රහණ ලබා ගැනීම යන සංකල්ප අනුගමනය කරමින්, ඒ ඒ පාර්ශ්වයන් නව පොදු හුවමාරු වේදිකාවක් හරහා සන්නිවේදනයන් පවත්වා ගනු ඇත. එමෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ සංවර්ධනය ද ඉදිරියට ගෙන යමින්, වඩාත් සමීප චීන-මධ්‍යම ආසියා රටවල පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට නව ශක්තියක් සැපයීමට කටයුතු කරනු ඇත. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම