තෙවන චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල ප්‍රදර්ශනය ඇරඹේ
2023-05-17 11:29:16
Share with:

තෙවන චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල ප්‍රදර්ශනය ඇරඹේ. එම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (16) චීනයේ Zhe jiang පළාතේ Ning bo නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ. ප්‍රායෝගික සහයෝගිතාවයන් ශක්තිමත් කරමින්, අනාගතය සඳහා එක්ව අත්වැල් බැඳ ගන්නෙමු යන්න මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාවයි. මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය විද්‍යා තාක්ෂණ, සංචාරක හා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය ‍කරයි. මෙම ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් දෙලක්ෂ විසිදහසකින් යුක්ත වන අතර, රටවල් 10කට වැඩි සංඛ්‍යාවක වෙළඳ භාණ්ඩ හා සේවා ප්‍රදර්ශනයට එක්වෙයි.  තෙවන චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ ප්‍රධාන ක්‍රියාකාරකම් 27ක් සංවිධානය කෙරේ.‍‍

මෙම ප්‍රදර්ශනයට සමගාමී ව තෙවන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ද පැවැත්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම