යුරෝපා සංගමයේ හා යුරෝ කලාපයේ ඉදිරි ආර්ථික වර්ධන පුරෝකථනය ඉහළ නැංවීමට තීරණයක්
2023-05-16 13:59:14
Share with:

මේ වසරේ හා ඉදිරි වසරේ යුරෝපා සංගමයේ හා යුරෝ කලාපයේ ආර්ථික වර්ධන පුරෝකථනය ඉහළ නැංවීමට යුරෝපා සංගමය තීරණය කරයි. ඊයේ (15) 2023 වසරේ වසන්ත සෘතුවේ ආර්ථීක ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව නිකුත් කරමින් යුරෝපා කොමිසම මේ බව ප්‍රකාශ කළේය. එම වාර්තාවට අනුව, බලශක්ති සම්පත්වල මිල පහළ යාම , සැපයුම් අංශයේ ගැටළු ලිහිල් වීම හා ශක්තිමත් ශ්‍රම වෙළඳපල ක්‍රියාකාරිත්වය යන සාධකයන් හේතුවෙන් මේ වසර හා ඉදිරි වසර යුරෝපා සංගමයේ හා යුරෝ කලාපයේ ආර්ථීක වර්ධන ඉදිරි දැක්ම ඉහළ නැංවීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත.

මේ වසරේ හා ලබන වසරේ යුරෝපා සංගමයේ ආර්ථීක වර්ධනය පිළිවෙළින් සියයට 1කින් හා සියයට 1.7කින් වැඩි වනු ඇත. එය පසුගිය පෙබරවාරි මස නිකුත් කළ සියයට 0.8ක හා සියයට 1.6ක වර්ධන පුරෝකථනයට වඩා යහපත් බව එහිදී  සඳහන් කෙරිණ. එමෙන්ම එම නව වාර්තාවට අනුව, මේ වසරේ හා ලබන වසරේ යුරෝ කලාපයේ ආර්ථීක වර්ධනය පිළිවෙළින් සියයට 1.1කින් හා සියයට 1.6කින් වර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මේ සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ ආර්ථික කටයුතු පිළිබඳ කොමසාරිස් Paolo Gentiloni මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මූල්‍ය කොන්දේසි දැඩි කිරීම ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ඍණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවයි.විශේෂයෙන්ම ඇමරිකාව සහ ස්විට්සර්ලන්තය බැංකු අර්බුදවලට මුහුණ දීමෙන් පසු ණය පහසුකම් ලබා දීමේ ප්‍රමිතීන් ද දැඩි කිරීමට හේතු විය හැකි බවද හෙතෙම පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම