චීන-මධ්‍යම ආසියානු රටවල් අතර සහයෝගීතාවය නව තලයකට ඔසවා තබමින් ඇරඹෙන රාජ්‍ය නායකයින්ගේ පළමු සමුළුව
2023-05-16 13:42:25
Share with:

පසුගිය වසරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 30 වැනි සංවත්සරය සැමරීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ මධ්‍යම ආසියානු රටවල් පහක ප්‍රධානීන් අන්තර්ජාලය හරහා සම්බන්ධ වූහ. එයින් අනතුරුව චීනයේ හා මධ්‍යම ආසියානු රටවල් පහේ රාජ්‍ය නායකයින්ගේ පළමු මාර්ගගත නොවන සමුළුව මැයි මස 18, 19 යන දෙදින චීනයේ ෂැන්සි පළාතේ ෂිඇන් නගරයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර සමුළුව චීනය සහ මධ්‍යම ආසියානු රටවල් අතර සබඳතා වර්ධනය කිරීමේ ඓතිහාසික සන්ධිස්ථානයකි.

චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් 2022 වසරේ ජනවාරි මාසයේ පැවති වීඩියෝ ආකාරයේ සමුළුවේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මධ්‍යම ආසියානු රටවල් සමඟ ඇති සබඳතා පිළිබඳ අගය කළේ “අවංක, අන්‍යෝන්‍ය විශ්වාසය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ”සහිත උසස් සබඳතාවයක් ලෙසයි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ අන්‍යෝන්‍ය වශයෙන් සිදු කරන ආයෝජන සිය ගුණයකින් පමණ වැඩි වී ඇති අතර, චීනය මධ්‍යම ආසියානු රටවල් පහේ විශාලතම වෙළඳ සහ ආයෝජන හවුල්කරු බවට පත්ව ඇත. 2022 වසරේදී චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර වෙළෙඳ පරිමාව වාර්තාගත ඉහළ අගයක් පෙන්නුම් කරන අතර, ඇමරිකානු ඩොලර් බිලියන 70.2 දක්වා එය වර්ධනය වී තිබේ. චීන-මධ්‍යම ආසියාවේ ස්වභාවික වායු නල මාර්ගය, චීන-කසකස්ථාන බොර තෙල් නල මාර්ගය, චීන-කිර්ගිස්ථාන- උස්බෙකිස්ථාන අධිවේගී මාර්ගය සහ චීන-ටජිකිස්ථාන අධිවේගී මාර්ගය වැනි ප්‍රධාන ව්‍යාපෘති සාර්ථකව නිම කර ඇති අතර මධ්‍යම ආසියාව හරහා ගමන් කරන චීන-යුරෝප භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගය ද වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී.

මෙවර චීන-මධ්‍යම ආසියානු නායක සමුළුව පැවැත්වීමත් සමඟ "චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ" අතර සහයෝගීතා යාන්ත්‍රණය නව තලයකට ළඟා වනු ඇති අතර දෙපාර්ශ්වයටම සහයෝගීතාවයේ නව යුගයක් විවෘත වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම