චීන මධ්‍යම ආසියානු සමුළුව ළඟදීම පැවැත්වීමට නියමිතයි
2023-05-16 15:50:01
Share with:

චීන-මධ්‍යම ආසියානු සමුළුව නුදුරේදීම ෂැන්සි පළාතේ ෂී ඇන් හිදී පැවැත්වෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (16)පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය. එක් තීරයක් එක් මාවතක් ඒකාබද්ධව ගොඩ නැගීම පිළිබඳ උසස් තත්ත්වයේ සම්මුතිය චීනය ඉන් තවදුරටත් තහවුරු කරන බව  Wang Wenbin මහතා පැවසීය.

2013 සැප්තැම්බර් මාසයේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසකස්තානයේ දේශනයක් පවත්වමින්, "සේද මාවතේ ආර්ථික තීරය" ඒකාබද්ධව ගොඩනැගීමේ මුලපිරුම යෝජනා කළේය. මධ්‍යම ආසියාව" එක් තීරයක් එක් මාවතක් " ගොඩනැගීමේ පළමු කලාපයක් බවට පත්විය.

පසුගිය දශකය තුළ චීනය සහ මධ්‍යම ආසියාතික රටවල් උසස් තත්ත්වයේ එක් තීරයක් එක් මාවතක් සහයෝගීතාවේ ඵලදායි ප්‍රතිඵල ලබා ගෙන ඇතැයි Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම